මිතුරියට....

මේක මම ම‍ගේ හොදම යාළුවාට ලීවේ....


ඔය ඇස් වලින් වැටෙන කදුළු බිදු වලට
මගේ ඇස්වල කදුළු මදි  හඩන්නට
නු‍ඹේ හිත පෑරෙන තරමට
අනෝරා වැසි මදි මගේ හද ගින්න නිවන්නට‍
කුමක් කළ හැකිද නුඹ සනසන්න
නිහඩව පසෙකට වී හඩන්නද මම........?

හැන්දෑව............


 8 කොටස
                                                                                                             
  කිසිවක් නොකී දේදුනු කාමරයට ගියාය.තම නැගණිය දෙසට සහ මව දෙසට හැරුණු පබෝදා හිස් බැල්මක් ඔවුන් වෙත හෙලා දේදුනු පසුපස ගියාය.
"දේදුනු ඔයා දුක් වෙන්න එපා.ජීවිතේ හැටි ඔහොම තමා"පබෝ මුමුණන්නට විය.
"ඒත් මම මෙච්චර අවාසනාවන්තද?පොඩි කාලේ ඉදන් මට මෙහෙම  දුක් වෙන්න"දේදුනු හඩන්නට වූවාය.
"කදුළුවල‍ට දුක හේදෙනවා විතරයි දේදුනු..මමත් හැමදාම අඩනවා.ඒත් අඩලා ජීවිතේට ලැබෙන දෙයක් නෑ කියලා මම තේරුම් ගත්තා..දේදුනු මම ගාමන්ට් එකක වැඩට යනවා..මම දැන් දන්නවා මගේ ජීවිතේ තියෙන්නේ මගේ කැප කිරීම මත කියලා"පබෝ සුසුමක් හෙලන්නට විය.
"ඒත් අක්කේ..?"දේදුනුට කතා කරන්නට ඉඩක් නැති විය.
"මම දන්නවා දේදුනු අම්මා කීයටවත් ඉඩ දෙන්නෑ.ඒත් මේ මම එයා නෙවේ"පබෝ දෑස් තරහින් දිලිසෙන්නට විය..........................................
"යොහාන් ඔහොම ඉන්න නැතිව කන්න එන්න."නිඛිල කල්පනා කරන යොහාන්ගේ දැහැන බිදිමින් කීවේය.
"අනේ අයියේ මම මොනා කරන්නද?"යොහාන් කිසිවක් සිතාගත නොහැකිව ලත විය.
"මම කිව්ව වගේ එන දේකට මුහුණ දෙමු .යං දැන් කන්න නැත්තම් තවත් කෙට්ටු වෙයි."නිඛිල යොහාන් සිනහ ගස්සනට උත්සහ කලද එය සාර්ථක නොවීය...........
"දේදුනු රාත්‍රි ආහාරයගත්තේ පිරියකින් නොවේ.ඈ වෙනදාට වඩා කලින් නින්දට ගියේද එබැවිනි.රාත්‍රිය නිහඩය.දේදුනු ඇදේ වැතිරි කල්පනා කරන්නට විය.
යොහානුයි අකිලයි කොච්චර හොදද? ඒත් මම එයාලා එක්ක කතා කරනවා බිනූ දැක්කොත් මම ඉදලා ඉවරයි.ඒ උනාට ඒ යාළුකම නැති කරගන්න මට බැහැ...මොනා කරන්නද මම පව්කාරියෙක් වෙලා ඉපදුනේ නැත්තම් මෙච්චර දෙයක් වෙන්නෑනේ..පබෝ කිව්ව වගේ මාත් ඉක්මනට රස්සාවක් හොයා ගත්තොත් හරි.
ඇයට සිතන්නට හැකි වුයේ එපමණකි.නින්ද ඈ සොයා ආවාය.....
.............................................................................................................
බිනූ මේ අතර නිදි නොලබා කල්පනා කරන්නට කරන්නට විය.
"පොඩි කාලෙ ඉදලම මම මට ඕන හැම දේම ලබා ගත්තා.මම කවදාවත් එයාව මගෙන් උදුර ගන්න දෙන්නෑ.මම කොහොම හරි එයාව ලබා ගන්නවා.එහෙම නොකළොත් ඒ මම නෙවේ............................
"අනේ දෙවියනේ ඒ අහිංසක ඇස් දෙක.මට හිතාගන්න බෑ මං ඇයි එයා එච්චරටම කැමති.මට පිස්සු හැදීගෙන එනවද?නැත්තම් මං එයාව පතාගෙන ආවද?මට තේරුම් ගන්න බැරි මං ඇයි එයාට කැමති කියලා."අකිල තමාටම මුමුණා ගනිමින් මුහුණ සෝදන්නට විය.
"දේදුනු දෙවියනේ මට ඇයි මේ ගැන හිතුණේ "අකිල හැගුම්බරවිය........



මුදු සුළග නුඔ නම්........

පුන් සරා සද මේඝ වලා පටලය වසා ඇතඑහෙත් ඒ ආලෝකය ලෝකය දෙස නොඉවසිල්ලෙන් බලා ඇත
මේඝ වලා පටලය ඉවත් කරන මුදු සුළග නුඔ නම්.....................
මගේ ලෝකයටපුන් සරා සදේ ආලෝකය නැවත ලැබෙනු ඇත

කියම් කෙසේ

ආල‍ය කළේ නුඹේ හදට මිස රුවට නොවේ....
එය ඔබට නොදැනේ නම් ආලය කරමි කෙසේ...
පැතු පැතුම් සේරම අහවර කරමි මෙසේ....
මගේ ආලය මුලාවක් නොවන බව කියමි කෙසේ.....

කිසිවෙකුට නොවේවා මෙවැන්නක්!!



ඔන්න සතියකට පස්සේ මේ පැත්තට ගොඩ වැදුණා.බ්ලොග් එක දිහා නිකමටවත් බැලුවේ ඊයේ.මොකෝ දහම් පාසල් තරගවලට පාඩම් කලානේ.පාඩම් කරා කිව්වට මොකද තරගේ අදයි කියලා තමා පොත බැලුවේ‍.ඒකත් හරි කියමුකෝ දැන් ඉතින් පුරුදු විදිහට කවියක් දානවා.......




සිත කොනක සැගවෙලා
ඉගි බිගි පෑ හදක්
නෙත් කොනක සැගවෙලා
සිතට දුක් කදුළක්
නුඹ රහසේ සැගවෙලා
හිතට ලොකු දුකක්

එදා නුඔ මා පතමින්
මගේ හද විමසූවා
නුඔ ගැන පතමින්
මම හද පිදුවා
අද නුඹ සොයමින්
හද ගැඹුරෙහි දිව්වා
නුඹේ ඡායා ඇත නුඹ නොමැත
මා හද පැවසූවා

ලස්සන සිහින වලට මුලා වෙලා ජීවිත නැති කරගන්න  කලින් ආදරයට සමු දෙන්න....

එපා දුරස් වෙන්න......


ජීවිතයේ හැම දුකක්ම සතුටක්ම
ඔබ ළගට වී තුරැළු වී විදගන්න
නු‍ඹේ ඔය පපුවට තුරුළු වෙලා
හද ගැස්ම යටින් පැතු පැතුම්
නුඹ පහලට හෙලන හුස්ම පොද
යට සැගවෙලා තුරුළුවෙන්න
එපා නුඹ මීදුමේ සැගවෙන්න
එන්න මට සීතලට ළං වෙන්න..........

හැන්දෑව

7 කොටස
"ඔයාලට මං නිසා ගොඩක් කරදර වුණා නේද?"දේදුනු බයාදු ලෙස ඇසුවාය.
"යාළුවෝ කියන්නේ මොනාටද එහෙනම්.හ්ම්"අකිල ඇසුවේය.
"ඒත්..."දේදුනුට කතාව අහවර කර ගත නොහැකි විය.
"ආය මොකුත් කියන්න එපා..අපි දැන් ගෙදර යමු"අමා කීවාය.
"බුදුසරණයි කට්ටියටම පරිස්සමෙන් යන්න"යොහාන් හා අකිල සමුදෙමින් කීහ.
"ඔයාලටත් බුදුසරණයි!"අමා හා දේදුනු සමු ගත්හ.
අමා හා දේදුනු නිවස කරා එන අතරතුරද සිද්ධිය ගැන කතා කළහ.
"මට නම් මේ හැම‍ දේම එපා වෙනවා අමා.."දේදුනු කලකිරුණු ස්භාවයෙන් කීවාය."එක වෙලාවකට හැමදේම අතහැරලා කොහේ හරි යන්න හිතෙනවා"
"පිස්සු කියවන්න එපා දේදුනු අපි ඔයාට ඉන්නවනේ"තම මිතුරිය අහිමි වේයැයි කියන දුකින් හට ගත් කෝපයෙන් අමා කෑගැසුවාය.
"මම ඔයාලා නිසා තමයි ඉවසන්නේ අමා.මම ගෙදරින් ගියොත් පබෝ තනි වෙනවා"
"හරි දේදුනු ඔයා කලබල නොවී කාලෙට ඉඩ දෙන්න"අමා කීවාය.
"හොදයි මම යනවා අමා"දේදුනු නිවසේ කඩුල්ල පනිමින් කීවාය.
ඊළග මොහොතේ ඇය බිය වුයේ නිවස ඉදිරිපිට සිටින අය දැකීමෙනි...........................................
"උඹ ටික දවසක ඉදන් වෙනස් වෙලා "යොහාන්ගේ අයියා නිඛිල කීවේය."මොකක් හරි ප්‍රශ්නයක්ද?"
"නෑ මොකුත් නෑ අයියේ.."යොහාන් කීවේය.
"මේ බොරු කියන්න එපා.ඔයා පොඩි කාලේ ඉදන්ම ප්‍රශ්නයක් තියනකොට කියන්නේ නෑ මොකුත් නෑ කියලා.කියනවා කියනවා.."නිඛිල ඇවටිලි කරන්නට විය.
"මම අර කිව්වේ දේදුනු කියලා....."යොහාන්ට කතාව අවසන් කර ගත නොහැකි විය.
"ඉතින් අහනවා...."නිඛිල යොහාන් ‍ගේ පිටට තට්ටුවක් දැම්මේය.
"ඒත් එයාට ගෙදරින් ප්‍රපෝසල් එකක් තියෙනවා"යොහාන් සුසුමක් හෙළුවේය.
"කෙල්ල ඒකට කැමතිද?"නිඛිල ප්‍රශ්නය වටහා ගනිමින් කීවේය.
"නැහැ.ඒ මදිවට කෙල්ලගේ නංගි මට මළ ඇණයක් වෙලා"යොහාන් කීවේය.
"මම ඩොක්ටර් කෙනෙක් උණාට ඕවට බෙහෙත් මං ළග නෑ..ඔයා අහන්නකෝ ඊට පස්සේ වෙන දේකට මුහුණ දෙමු"නිඛිල කියන්නට විය...........................................
"ආ.... අපි බලන් හිටියේ කුමාරි හාමි වඩිනකම් තමා"බිනූ දේදුනු එන විටම කෑගැසුවාය.
"ඔය එන්නේ ආරංචියි අද වෙච්ච දේ අර අසරණයට ගහල පව් දෙයියනේ ඌ මොන වරදක් කලාටද?"දේදුනුගේ මව කැගැසුවාය.
"කුමාරට කවුරුත් ගැහුවේ නෑ.ඊටම මම කියන විදිහේ දෙයක් කලෙත් නෑ"දේදුනු මෙසේ කතා කළ පළමු දවස විය.
"අපි දන්නෑනේ දැන් නෝනා ලොකුයි කියලා..මේ ඕවට මාත් එක්ක එන්න එපා හරිද?"මව බෙරිහන් දෙන්නට විය................


 

Usage Rights

DesignBlog BloggerTheme comes under a Creative Commons License.This template is free of charge to create a personal blog.You can make changes to the templates to suit your needs.But You must keep the footer links Intact.